
අග්නිදිග ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක වන නීති විරෝධී මත්පැන් වර්ග හේතුවෙන් ඔස්ට්‍රේලියා සංචාරකයන් විශාල අවදානමකට ලක් වන බවට හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව නීති විරෝධී වෙළදාමට එරෙහි ජාත්‍යන්තර සන්ධානය (TRACIT) විසින් පෙන්වා දී ඇත්තේ ලාඕසයේ භාවිත කරන මත්පැන් වලින් සියයට 33 ක් පමණ ව්‍යාජ හෝ නිසි ප්‍රමිතියෙන් තොර මත්පැන් වන බවයි.
පසුගියදා මෙල්බන් තරුණියන් දෙදෙනෙකු වෑන්ග් වියෙන්ග් හීදී මෙතනෝල් මිශ්‍ර මත්පැන් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා.

ඒ හේතුවෙන් නීති විරෝධී මත්පැන් වර්ග පිළිබඳව ලොව පුර දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
නීති විරෝධී වෙළදාමට එරෙහි ජාත්‍යන්තර සන්ධානයේ අධ්‍යක්ෂක ජෙෆ්රි හාඩි විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි මත්පැන් පානය කිරීමෙන් සිදුවන මරණ අනුපාතයේ යම් ඉහළ යෑමක් ද පෙන්නුම් කෙරෙන බවයි.

ඊට අමතරව ලතින් ඇමෙරිකානු කලාපය තුළද මත්පැන් විෂ වීම සම්බන්ධ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බව ද වැඩිදුරටත් සදහන්.