Search

පාප් වහන්සේගේ තත්වය දැඩි අසාධ්‍ය අතට

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්වය දැඩි අසාධ්‍ය බවට වෛද්‍ය වාර්තා පළ වනවා.

88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේට හුස්ම ගැනීම සදහා ඔක්ෂිජන් වැඩි ප්‍රමාණයක් ලබා දීමටයි වෛද්‍යවරුන් පියවර ගෙන ඇත්තේ.

පසුගිය 14 වනදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගත කරනු ලැබුවා.

උන්වහන්සේගේ තත්වය තවමත් බරපතල බවයි වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ.

පාප් වහන්සේ දිගු කලක් තිස්සේ ශ්වසන අපහසුතාවලින් පීඩා විදි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රෝමයේ ජෙමිලි රෝහලේ ශල්‍යකර්ම අංශයේ ප්‍රධානී වෛද්‍ය සර්ජියෝ ඇල්ෆියර් විසින් අවධාරණය කර ඇත්තේ එතුමාගේ ශ්වසන පද්ධතිය තුළ අන්තර්ගත ඇතැම් විෂබීජ කොටස් රුධිරයට ඇතුලු වීමේ අවදානමක් පවතින බවයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »