Search

ලේබර් ට වැඩියෙන් Medicare සහන දෙන්න ලිබරල් සැරසෙයි

Medicare සදහා ඩොලර් බිලියන 9 ක ආයෝජනයක් සිදු කිරීමට සූදානම් වන බවට ඔස්ට්‍රේලියා විපක්ෂ ලිබරල් සන්ධානය මැතිවරණ පොරොන්දුවක් දී තිබෙනවා.

Bulk Billing සේවාව තුළ අර්බුද රැසක් පවතින බවයි විපක්ෂ නායක පීටර් ඩට්න් අවධාරණය කර ඇත්තේ.

එම ක්‍රමවේදය ඔස්සේ වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන රෝගීන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බව ද සදහන්.

Bulk Billing සේවාව සදහා සාර්ථක ප්‍රවේශයක් හැකි ඉක්මනින් අවශ්‍ය බවයි විපක්ෂ ලිබරල් සන්ධානයේ අදහස වී ඇත්තේ.

Medicare අරමුදල සදහා ඩොලර් බිලියන 8.5 ක මුදලක් ලබාදෙන බවට පාලක කම්කරු පක්ෂය අද (23) පෙරවරුවේ මැතිවරණ පොරොන්දුවක් ලබා දී තිබුණා.

ඊට ප්‍රතිචාර ලෙස විපක්ෂ නායක පීටර් ඩට්න් විසින් ඉන් පැය කිහිපයක් ගතවීමට පෙර මෙම ප්‍රකාශය සිදු කර තිබීම ද කැපී පෙනෙනවා.