Search

TikTok සටනේ ජය ලේබර්ට ද? ලිබරල්ට ද?

ඉදිරි ෆෙඩරල් මැතිවරණය ඉලක්ක කරගනිමින් ඔස්ට්‍රේලියාවේ පාලක කම්කරු පක්ෂය සහ විපක්ෂ ලිබරල් සන්ධානය සිය ප්‍රචාරක ව්‍යාපාර මේ වනවිට වේගවත් කර තිබෙනවා.

එහිදී ඔවුන් සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණය වෙත වැඩි නැඹුරුවක් දක්වා තිබෙන බවයි දැක්වෙන්නේ.

TikTok සමාජ මාධ්‍යය හරහා ද දෙපාර්ශවයම සිය අදහස් ඔස්ට්‍රේලියානුවන් අතර ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල ද නිරත වෙමින් සිටිනවා.

කෙසේ වෙතත් TikTok සමාජ මාධ්‍ය ජාලය තුළ වැඩි වාසි අත්කර ගැනීමට සමත් වී ඇත්තේ විපක්ෂ ලිබරල් සන්ධානයයි.

පසුගිය දින 90 ක කාලසීමාව තුළ මිලියන 13 කට වැඩි පරිශීලකයන් පිරිසක් විසින්, විපක්ෂ නායක පීටර් ඩට්න් ප්‍රමුඛ විපක්ෂ ලිබරල් සන්ධානය Tiktok හි පළ කළ වීඩියෝ නරඹනු ලැබ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම ඔවුන් වෙත නව පරිශීලකයන් මිලියන දෙකක් පමණ එක්වී සිටින බවද සදහන්.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රමුඛ පාලක කම්කරු පක්ෂය TikTok සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කළ වීඩියෝ නරඹා ඇත්තේ මිලියන 3.8 ක පරිශීලකයන් පිරිසක් පමණයි.

ඔවුන් වෙත ද නව පරිශීලකයන් 233,000 කට ආසන්න පිරිසක් ආකර්ෂණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

නමුත් කම්කරු පක්ෂයට සාපේක්ෂව අට ගුණයකට වඩා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර TikTok සමාජ මාධ්‍ය ජාලය තුළදී තමන්ට හිමි වන බවයි විපක්ෂ ලිබරල් සන්ධානයේ අදහස වී ඇත්තේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »