Search

Champions Trophy ඉතිහාසය වෙනස් කළ ඔස්ට්‍රේලියාව

ශූරයන්ගේ කුසලානයට සමගාමීව පැවැති ඔස්ට්‍රේලියා – එංගලන්ත තරගයෙන් කඩුලු 05 ක ව්ශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (22) සමත් වුණා.

මෙල්බන් වේලාවෙන් ඊයේ රාත්‍රී 8.30 ට පමණ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අවසරයෙන් ලාහෝර් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් පමණක් දැවී ලකුණු 351 ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ බෙන් ඩුකාට් ලකුණු 165 ක් රැස් කිරීමට සමත් වූ අතර එය ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.

ලකුණු 352 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 47 පන්දු 03 ක් තුළ එම ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණයේ මාවත විවර කර දුන් ජෝශ් ඉන්ග්ලිස් නොදැවී ලකුණු 120 ක් රැස් කළා.

මෙය ශූරයන්ගේ කුසලාන තරගාවලි ඉතිහාසය තුළ කණ්ඩායමක් හඹා ගොස් ජය ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.