Search

අලුත් වෙන Medicare හරහා විශේෂ සහන රැසක්

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වෙනුවෙන් පාලක කම්කරු පක්ෂය Medicare අරමුදලේ ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව 2030 වර්ෂය වනවිට නොමිලේ ලබාදෙන වෛද්‍ය හමුවීම් (Free Doctor Visit) ප්‍රමාණය වැඩි කරන බවට මැතිවරණ පොරොන්දුවක් ද ඔවුන් ලබාදී තිබෙන බවයි දැක්වෙන්නේ.

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් පෙන්වා දී ඇත්තේ පාලක කම්කරු පක්ෂය විසින් Bulk Billing සේවාව නගා සිටුවීම වෙනුවෙන් වසර 04 ක් පුරාවට ඩොලර් බිලියන 8.5 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ හරහා ඉදිරියේදී රෝගීන්ට වෛද්‍යවරුන් හමුවීම සදහා ලැබෙන අවස්ථා 10 න් 09 ක් ම නොමිලයේ (Free Visit) හිමි වනු ඇති.

Medicare අරමුදල ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ඉදිරියේදී වැඩිදියුණු කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර 2028 වර්ෂය වනවිට හෙද ශිෂ්‍යත්ව 400 ක් සහ නව පුහුණු වෛද්‍ය වෘත්තිකයන් 2000 ක් පමණ බිහි කරන බවට මැතිවරණ පොරොන්දුවක් ද පාලක කම්කරු පක්ෂය ලබා දී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »