Search

රැකියා ස්ථානයේදී සිදුවන මානසික පීඩා අවම කරන්න වික්ටෝරියාව සැරසෙයි

වික්ටෝරියා රජය රැකියාවේදී සිදුවන මානසික පීඩනයන් වැළැක්වීමට නව රෙගුලාසි කිහිපයක් හඳුන්වාදීමට සූදානම් වනවා.

රැකියාවේදී ඇති වන මානසික ආතතිය හෙවත් Working Stress කළමණාකරණය සම්බන්ධයෙනුයි මෙම නව නීති හඳුන්වාදෙනු ලබන්නේ.

එය ලබන ඔක්තෝම්බර් මාසයේ හඳුන්වාදීමට නියමිතයි.

මනෝ සමාජීය උවදුරු පාලනයට වෘත්තිකයන් ගන්නා ක්‍රියාමාර්ග හඳුනා ගැනීමට සහ ඒවා වැළැක්වීමේ සැලසුම් සහ උපක්‍රම පිළිබඳ මාර්ගෝපදේශනයන් මෙහිදී සලකා බලනු ලැබේ.

මනෝ සමාජීය උවදුරු යනු ලිංගික හිරිහැර, ආක්‍රමණශීලී බව හෝ ප්‍රචණ්ඩත්වය සහ කම්පන සහගත සිදුවීම්වලට මුහුණදීම වැනි සිද්ධීන් නිසා එකම විසඳුම ලෙස සියදිවි හානි කර ගැනීම වැනි සාධකවලට පෙළඹීමයි.

වික්ටෝරියාවේ රැකියාව හා සම්බන්ධ මානසික ගැටළු ඉහළ යාම 2023 සිට 2024 වසරවල සියයට 18 කින් ඉහළ ගොස් තිබුණා.

ඒ අනුවයි මෙම නව නීති සම්පාදනය කිරීමට වික්ටෝරියා රජය තීරණය කළේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »