
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් Future Made in Australia අරමුදල සදහා ඩොලර් මිලියන 500 ක අතිරේක අරමුදල් ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන අංශය තුළ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් මෙම අතිරේක මුදල් ආයෝජනය කර තිබෙන බවයි පැවසෙන්නේ.
පාලක කම්කරු පක්ෂයේ පුනර්ජනනීය බලශක්ති සැලසුම මත පදනම් ව ඉදිරියේ දී ඇලුමිනියම් සහ වානේ කර්මාන්ත ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් නිර්මාණය විය හැකියි.

විශේෂයෙන්ම සුලං බලාගාර ඉදි කිරීමේ දී ටොන් ගණනක වානේ ප්‍රමාණයක් අවශ්‍ය වනවා.
ඒ සදහා අවශ්‍ය වානේ ප්‍රමාණය ඔස්ට්‍රේලියාවෙන්ම ලබා ගැනීම අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ මූලික අරමුණ වී තිබෙන බවයි පැවසෙන්නේ.

පසුගිය ෆෙඩරල් අයවැයේ දී මෙම අරමුදල හදුන්වා දී තිබීම ද කැපී පෙනෙනවා.