Search

වසර 25 ක් තුළ මෙල්බන් නිවාස මිල වෙනස් වූ හැටි

මෙල්බන් හි මධ්‍යන්‍ය නිවාස වෙළඳපොළේ මිල ගණන් වෙනස් වූ ආකාරය පිළිබඳව නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ PropTrack හි දත්ත මත පදනම්ව බවයි දැක්වෙන්නේ.

ඒ අනුව 2000 වර්ෂයේ ජනවාරි මාසයේදී මෙල්බන් නගරයේ මධ්‍යන්‍ය නිවසක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 175,000 ක් ලෙසයි.

2025 වසරේ ජනවාරි මාසය වන විට මෙල්බන් හි මධ්‍යන්‍ය නිවසක මිල ඩොලර් 860,000 ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

වසර 25 ක් ගතවූ පසු මෙල්බන් නගරයේ මධ්‍යන්‍ය නිවසක මිල ඩොලර් 685,000 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර 2050 වනවිට මෙල්බන් හි මධ්‍යන්‍ය නිවසක වටිනාකම ඩොලර් මිලියන 3.36 ක් ලෙස සටහන් වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »