
පවතින අධික උණුසුම් සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් මෙල්බන් නගරයට උතුරින් ලැව් ගින්නක් හට ගෙන තිබෙනවා.
ඩොනීබෘෘක් ප්‍රදේශයේ සිදුවූ මෙම ගින්න නිවීමට ගිනි නිවන හමුදාව වහා එම ස්ථානයට පැමිණි බවයි මාධ්‍ය වාර්තා පළකරන්නේ.
ඊට ගිනි නිවන භටයින් 30 කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර මෙතෙක් එය පාලනය කර නොමැති බව ද වාර්තා වනවා.

ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව සිය නිවෙස්වල රැදී සිටින ලෙස ද බලධාරීන් ඉල්ලීමක් කළා.
අද දින මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 කට වඩා ඉහළ යන බවට කාලගුණ විද්‍යා කාර්යංශය මීට පෙර දැනුම් දුන්නා.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හෙට උදෑසන මෙල්බන් හි උණුසුම් කාලගුණයක් දක්නට ඇති නමුත් දිවා කාලයේ තරමක් සිසිල් පරිසරයක් ඇති වනු හැකි බවයි කාලගුණ විද්‍යා කාර්යංශය අනාවැකි පළ කරන්නේ.