
වික්ටෝරියා ප්‍රාන්ත රජය තුළ මේ වනවිට ගැටළු රැසක් උද්ගත වී තිබෙනවා.
ආර්ථික විශේෂඥයින් මත පළ කරන්නේ ප්‍රාන්තය මේ වනවිට උග්‍ර ණය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.
පසුගියදා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත රැකියා කප්පාදුව සම්බන්ධව කරුණු අනාවරණය කිරීමෙන් පසුව රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් නොසන්සුන් වී තිබෙනවා.

මේ අතර වික්ටෝරියා විගණකාධිපති කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවක් ඔස්සේ හදුනාගෙන ඇත්තේ පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ ප්‍රධාන ව්‍යාපෘති සදහා පිරිවැය ඩොලර් බිලියන 11 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම 2028 ජූනි 30 වනදා වනවිට ප්‍රාන්තයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 187.3 ක් දක්වා වර්ධනය වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

උද්ගත වී ඇති මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ ප්‍රාන්ත රජය බවයි විචාරකයන්ගේ අදහස වී ඇත්තේ.