
Jetstar ගුවන් සේවයට අයත් ගුවන් යානාවල ප්‍රමාදයන් රැසක් අද (22) දිනයේදී සිදුවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව පුරා ගුවන් තොටුපළවල් රැසක මෙම තත්වය උද්ගත වී තිබෙන බවයි දැක්වෙන්නේ.
ඊට හේතුව වී ඇත්තේ Check – in සහ Boarding පද්ධතිය තුළ ඇතිවූ තොරතුරු තාක්ෂණික (Information Technology) ගැටළුවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ වනවිට අදාළ ගැටළුව විසදීමට ගුවන් සේවා කාර්ය මණ්ඩලය විසින් කටයුතු කර තිබෙනවා.
මේ හේතුවෙන් මගීන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී තිබෙන බවයි පැවසෙන්නේ.

සිදුවූ ප්‍රමාද දෝෂයන් සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කළ ගුවන් සමාගම විසින් මගීන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.