ලාංකිකයන්ට එමිරේට්ස් වෙතින් සුභ පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ සිසුන් ඇතුළු සංචාරකයන්ට ප්‍රතිලාභ ලබා දීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ.

මේ අනුව මෙම විශේෂ ගාස්තු සහිත ප්‍රවේශපත් වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිත කිරීමේ අවස්ථාව මෙන්ම ප්‍රවේශපත්‍රවල වලංගු කාලය වසර තුනක් දක්වා දීර්ග කිරීමේ සහනය පාරිභෝගිකයන්ට ලබා දී ඇත.

එමිරේට්ස් ගෝලීය ජාලයේ සියලුම ගමනාන්ත සඳහා මෙම විශේෂ ගාස්තු වලංගු වන අතර ඉකොනොමි අවම ගාස්තු රුපියල් 68,700කින් සහ ව්‍යාපාරික පන්තියේ අවම ගාස්තුව රුපියල් 257,500 කින් ආරම්භ වන බව සඳහන් කරයි.

මෙම විශේෂ ගාස්තු වෙන්කර ගැනීම 2021 අප්‍රේල් 13 වනදා සිට 26 වනදා දක්වා සිදු කළ යුතු බවත් එසේ වෙන්කර ගන්නා ප්‍රවේශපත් මගින් 2021 අප්‍රේල් 16 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා සංචාරය කළ හැකි බවත් සමාගම පවසයි.

මෙම විශේෂ ගාස්තු ලබාදීම යටතේ තෝරාගත් ගමනාන්තවලට කිලෝ ග්‍රෑම් 05ක අමතර භාණ්ඩ රැගෙන යාමේ දීමනාවක් ද ඇතුළත් වන බව සමාගම සඳහන් කරයි.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »