
ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයෙකුට තර්ජනය කළ පුද්ගලයෙකුට වසර 5ක සිරදඩුවම් නියම වන ලකුණු පළවී තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි මෙම පුද්ගලයා ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටයි මෙලෙස තර්ජනය කර තිබුණේ.
29 හැවිරිදි මෙම තරුණයාගේ නිවස ඊයේ වැටලීමෙන් විද්‍යුත් උපාංග කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය සඳහන් කළා.

එහි තිබී ගංජා පැළ තුනක් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ භාණ්ඩ ද සොයාගත් බව පොලිසිය කියාසිටියා.
පසුගිය නොවැම්බර් සිට දෙසැම්බර් කාලය තුළ මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය භාවිත කරමින් මන්ත්‍රීවරයාට තර්ජන එල්ල කර තිබෙනවා.

පසුව බටහිර ඔස්ට්‍රේලියා පොලීසිය ඇප කොන්දේසි මත නිදහස් කළ අතර ඔහු ලබන මාර්තු 12 වනදා පර්ත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පවතින බරපතල චෝදනා මත ඔහුට අවම වශයෙන්ව වසර 5 ක සිරදඩුවක් හිමිවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
කෙසේවෙතත් තර්ජනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගැන මෙතෙක් කිසිදු අනාවරණයක් කර නැහැ.