
ශූරයන්ගේ කුසලානයට සමගාමීව ඔස්ට්‍රේලියා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (22) ආරම්භ වනවා.
ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.
ලාහෝර් හීදී පැවැත්වෙන තරගය මෙල්බන් වේලාවෙන් අද රාත්‍රී 8.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර ශූරයන්ගේ කුසලානය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන්නේ නැහැ.
එය ඔස්ට්‍රේලියා කණ්ඩායමට විශාල පාඩුවක් බවයි ක්‍රීඩා විචාරකයන්ගේ අදහස වී ඇත්තේ.

ඒ හේතුවෙන් සංචිතය වෙත නවක ක්‍රීඩකයන් රැසක් ඇතුලත් කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.
ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පැවරී ඇත්තේ ස්ටීව් ස්මිත් වෙතයි.
කණ්ඩායම් දෙකම අවසන් වරට සහභාගී වූ එක්දින තරගාවලි දෙකේදීම එතරම් සාර්ථක දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ නැහැ.