
ජනවාරි මාසයේ දී ප්‍රමාදයන්ගෙන් තොරව ගුවන් ගමන් ක්‍රියාත්මක කළ හොඳම ගුවන් සේවය Virgin Australia නම් කර තිබෙනවා.
ප්‍රවාහන පර්යේෂණ හා ආර්ථික කාර්යංශය විසින් නිකුත් කළ නවතම දත්ත අනුවයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ.
නියමිත වේලාවට ගුවන් යාන ගුවන් ගත කිරීම මෙන්ම ගොඩ බැස්වීම ද මේ යටතේ සළකා බලා තිබෙනවා.

ජනවාරි මාසය තුළ Virgin ගුවන් සේවය කාලසටහන් ගත නියමිත ගුවන් ගමන් වලින් සියයට 99.2 ක් ක්‍රියාත්මක කර තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව පසුගිය මාසයේදී කාලසටහන් අනුව ක්‍රියාත්මක කළ ගුවන් ගමන් (Scheduled Flights) අතුරින් සියයට 78 ක් Virgin Australia ගුවන් සමාගම නියමිත වේලාවටම ගුවන්ගත කර හෝ ගොඩ බස්වා ඇති බව ද සදහන්.

Qantas ගුවන් සේවය තුළ එම අගය සටහන් ව ඇත්තේ සියයට 71 ක් ලෙසයි.