
වික්ටෝරියාවේ මාර්ග සංවර්ධනයට ඇල්බනීස් රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව ක්ලයිඩ් නෝර්ත් හි තොම්සන්ස් මාර්ගය සඳහා ඩොලර් මිලියන 41.75 ක ආයෝජනයක් සිදුකරන බවයි රජය පවසන්නේ.
එහි දැනට පවතින වටරවුම, මාර්ග සංඥා පද්ධති, මංතීරු මෙන්ම බස් මාර්ගය ද ප්‍රතිසංස්කණය කිරීමට නියමිතයි.

මේ හරහා වටරවුම ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදය අඩුකර ගත හැකි බවයි ෆෙඩරල් රජය කියාසිටියේ.
එමගින් මෙල්බන්හි ගිනිකොණ දෙසින් එන මාර්ගයේ ආරක්ෂාව සහ භාණ්ඩ ප්‍රවාහන ඵලදායිතාව වැඩිවනු ඇති.

ව්‍යාපෘතියට අනුව නව ඇවිදීමේ මංතීරු, බස්නැවතුම් පළවල් වැඩිදියුණු කිරීම සහ පාපැදි සඳහා මංතීරු ද වෙන්කරනු ලබයි.
ඇල්බනීස් රජය සහ ඇලන් කම්කරු රජයන් ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ඇති අතර වික්ටෝරියානු රජය මේ වනවිටත් ඊට මුදල් සපයා අවසන්.