Search

වික්ටෝරියා පොලීසිය දිනෙන් දින වෙනස්වෙයි

වික්ටෝරියා හි තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු ඉවත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

වික්ටෝරියාවේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් නීල් පැටර්සන් පසුගිය බ්‍රහස්පතින්දා ඊමේල් පණිවුඩයක් මගින් සිය කාර්යමණ්ඩලයට දන්වා ඇත්තේ ජූලි මාසයේ අවසන් වන තම සේවා ගිවිසුම නැවත අලුත් නොකිරීමට රජය තීරණය කර ඇති බවයි.

මෙම ඉවත් කිරීම තීරණය කර ඇත්තේ විශ්වාස භංගයක් හේතුවෙන් ෂේන් පැටන් ප්‍රධාන කොමසාරිස් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් දින කිහිපයකට පසුව වීම ද විශේෂත්වයක්.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රාන්ත අගමැති ජසින්ටා ඇලන් වික්ටෝරියා පොලීසිය වෙනුවෙන් දශක ගණනාවක කැපවූ සේවයට පැටර්සන්ට සිය ස්තූතිය පිරිනැමුවා.

නමුත් බලයෙන් පහ කිරීම සම්බන්ධයෙන් අගමැතිනිය නිසි දැනුම්දීමක් සිදුනොකළ බවයි මාධ්‍ය වාර්තා පළකරන්නේ.

ඒ අනුව නව වැඩබලන ප්‍රධාන කොමසාරිස්වරයා වන රික් නුජෙන්ට් වික්ටෝරියාවේ පොලීසියට මෙන්ම ප්‍රජාව වෙනුවෙන් ද කැපවී වැඩකරනු ඇති බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට සියලු සම්පත්, බලතල මෙන්ම සහය ද වික්ටෝරියා රජයෙන් හිමි වන බවයි ජසින්ටා ඇලන් පවසා ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »