Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 2 කට අද ගිනි අනතුරු ඇඟවීම්

camp fire

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 2 ක ට අද ගිනි අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට අද දින සෙල්සියස් අංශක 40 ක උෂ්ණත්වයක් බලපානු ඇතැයි කාලගුණ වාර්තා පවසනවා.

මෙල්බන් සහ ඇඩිලේඩ් පදිංචිකරුවන්ට පිළිවෙලින් සෙල්සියස් අංශක 36 සහ සෙල්සියස් අංශක 38 ක උෂ්ණත්වයක් අත්වීඳීමට සිදුවනු ඇති බවද සඳහන්.

වික්ටෝරියා හි ගැම්බියර් කන්ද සහ මිල්ඩුරා ප්‍රදේශවල සෙල්සියස් අංශක 40 ක උෂ්ණත්වයක් මෙන්ම දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ද මෙම තත්වය දක්නට ලැබෙනු ඇති.

පෙබරවාරියේ තිබූ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අද රස්නය සෙල්සියස් අංශක 6 ත් 12 ත් අතර අගය වැඩිවීමක් පෙන්නුම් කරන බව කාලගුණ අංශය පෙන්වාදෙනවා.

මේ හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ මෙන්ම මෙල්බන් සහ මවුන් ලෝෆ්ටි රේන්ජ් ඇතුළු ප්‍රදේශ සඳහා එළිමහනේ ගිනි තැබීම් තහනම් වනු ඇති.

 

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »