Search

Cash rate කප්පාදුවෙන් මෙල්බන් නිවාස මිලට වෙන දේ

Cash rate කප්පාදුවෙන් උපරිම ප්‍රතිලාභ ලබන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙක පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සංචිත බැංකුවේ සුළු අනුපාත කප්පාදුවෙන් මෙල්බන් සහ සිඩ්නි හි ණය හිමියන් මෙන්ම ආයෝජකයන් වැඩිම ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටින බවයි විශේෂඥයින්ගේ මතය වන්නේ.

මෙට්ට්‍රොපොලිටන් දේපල හිමියන්ගේ අධ්‍යක්ෂ මයිකල් යාර්ඩ්නි සඳහන් කළේ සිඩ්නි සහ මෙල්බන් හි නිවාස කුලී වාරික මෙන්ම නිවාස මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.

RBA හි සියයට 0.25 ක අඩුකිරීමෙන් විශේෂයෙන් මෙල්බන් හි නිවාස මිල නැවත ඉහළ යනු ඇති බව මයිකල් යාර්ඩ්නි පැවසුවා.

දත්ත වාර්තා මගින් පෙන්වාදෙන්නේ සියයට 1 ක අනුපාත කප්පාදුවක ප්‍රතිඵලයක් ලෙස සියයට 19 ක නිවාස මිල වැඩිවීමක් සිදුවනු ඇති බවයි.

NSW සහ වික්ටෝරියානු අගනුවරවල සුපිරි නිවාස මිලහෙි දැඩි ඉහළයාමක් සිදුවනු ඇති බවද මෙට්ට්‍රොපොලිටන් දේපල හිමියන්ගේ අධ්‍යක්ෂකවරයා කියාසිටියා.