Search

ඔස්ට්‍රේලියාවේ වියදම් අධිකම පාසල වික්ටෝරියා ප්‍රාන්තයෙන්

ඔස්ට්‍රේලියාවේ වියදම් අධිකම පාසල් පිළිබඳව ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ Edstart හි වාර්ෂික පාසල් ගාස්තු පිළිබඳ නවතම දත්ත වාර්තාව මත පදනම්වයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වියදම් අධිකම පාසල බවට පත්ව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong Grammar පාසලයි.

2025 වසරේ දී 12 ශ්‍රේණියේ සදහා එම පාසලට ඇතුලත් වන සිසුවෙකුගෙන් ඩොලර් 52,612 ක ගාස්තුවක් අය කර ගන්නා බවයි දැක්වෙන්නේ.

එහි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් නිව් සවුත් වේල්ස් හි Kambala සහ The Scots Collage යන පාසල් වෙත හිමිව තිබෙනවා.

එම පාසල් අතර 08 වන ස්ථානය වික්ටෝරියා ප්‍රාන්තයේ Wesley College වෙත හිමිව තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »