Search

2050 දී ඔස්ට්‍රේලියාව මාර්ග අනතුරු වලින් තොර වෙන්න යයි

2050 වනවිට රට තුළ මාර්ග අනතුරුවලින් සිදුවන මරණ ශුන්‍ය කිරීමට ඔස්ට්‍රේලියා රජයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

පසුගිය වර්ෂයේ දී ඔස්ට්‍රේලියාව තුළ මාර්ග අනතුරුවලින් 1,300 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජනවාරි මාසයේ දී පමණක් ඔස්ට්‍රේලියාවේ මාර්ග මරණ 114 ක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඉදිරි වසර 25 තුළ ඉහළ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති මාර්ගවල ආරක්ෂාව සඳහා විශේෂ සැලසුමක් ආරම්භ කරන බවයි ෆෙඩරල් රජය පවසා ඇත්තේ.

දැඩි රථවාහන නීති සහ මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පසුගිය දශක කිහිපය තුළ මාර්ග අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටුණා.

කෙසේ වෙතත් තවමත් ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර සතියේ දිනවල මාර්ග අනතුරු මරණ අඩු වන නමුත් සති අන්තයේ මරණ අනුපාතය ඉහළ මට්ටමක පවතින බවද එම වාර්තාවල සඳහන්.

මෙහි සතුටු දායක කරුණ නම් පාසල් කලාප ආරක්ෂණ වැඩපිළිවෙල හේතුවෙන් වයස අවුරුදු 16 ට අඩු ළමුන්ගේ මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව පැහැදිලි ලෙස අඩුවීමයි.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »