
දින 02 ක් තුළ 03 වන අපජල පද්ධතියකින්ද COVID වෛරසයේ කොටස් අනාවරණය වීමෙන් පසුව නිව් සවුත් වේල්ස් හි COVID-19 පැතිර යාම හඳුනාගත නොහැකි මට්ටමකට පත්වනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.
Burwood Beach Treatment Plant හි අහඹු ලෙස ගත් අප ජල සාම්පලයකින්ද වෛරස් කොටස් හමුවී තිබේ.
Newcastle සහ තදාසන්න ප්‍රදේශ වන Dudley, Charlestown, Jesmond, Lambton, New Lambton, Mayfield, Elermore Vale, Wallsend, Kotara, Garden Suburb, Adamstown Heights, Kahibah, Highfields, Merewether, Waratah West, Georgetown, Carrington යන ප්‍රදේශවල 225,000 ක පමණ අයත්වන කලාපයක අප ජලය මෙම ස්ථානයට එක් රැස්වේ.

සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ Allambie Heights සහ NSW දකුණු වෙරළ තීරයේ Merimbula ජල පෝෂකයේ සාම්පල පිළිවෙලින් අප්‍රේල් 22 සහ අප්‍රේල් 21 යන දිනවල ගන්නා ලදී.
ප්‍රාන්තයේ වෛරසය වැළඳී ඇති පුද්ගලයින් 87 දෙනෙකු සිටී.

එක් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයේ බරපතල ලෙස රෝගාතුරව සිටින අතර ඔහු ventilator මත සිටී.