Search

කුරුළු උණ වෛරසය වික්ටෝරියාවේ තවත් ඉහළට

මේ වසරේ වික්ටෝරියාවේ කුරුළු උණ වාර්තාවීම තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ තුන් වන වරටත් වික්ටෝරියා හි ඊසාන දිග ප්‍රදේශයේ කුකුළු ගොවිපළකින් කුරුළු උණ රෝගය වාර්තාවීමත් සමඟයි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ සියලුම කුකුළු නිෂ්පාදන සංචරණය සීමා කිරීමට පියවර ගත් බවයි වික්ටෝරියා බලධාරීන් කියාසිටියේ.

එමෙන්ම ගොවිපළ අවට කිලෝමීටර් 5 ක බල ප්‍රදේශයක් නිරෝධායනය ලක් කළ බව ද ඔවුන් සඳහන් කළා.

ඒ අනුව ගොල්බන් නිම්නයේ අයත් ප්‍රදේශයක්, යුරෝවා, වයලට් ටවුන්, ලෝන්ග්වුඩ්, රෆි, ඇවෙන්ල් සහ ස්ට්රැත්බෝගී යන නගර නිරෝධායනයට ලක්කරනු ලබයි.

එමෙන්ම වෛරසය පැතිරීම පාලනයට සහ තුරන් කිරීම සඳහා කාර්ය මණ්ඩලය සමග සමීපව කටයුතු කරන බව වික්ටෝරියා හි වැඩබලන ප්‍රධාන පශු වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »