Search

වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා Smart වෙන්න යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට ඊට අදාළ ගෙවීම් කටයුතු පහසු කිරීම සදහා ප්‍රාන්ත රජය විශේෂ සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ප්‍රාන්ත වැසියන්ට එම ගෙවීම් කටයුතු සදහා සිය බැංකු කාඩ්පත් සහ ස්මාර්ට් දුරකතනය භාවිත කළ හැකි වනු ඇති.

මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාන්තුව වසර 15 ක කාලසීමාවක් සදහා 2023 වර්ෂයේදී ඇමෙරිකානු සමාගමක් වන Conduent Business Service වෙත ලබා දී තිබෙන බවයි දැක්වෙන්නේ.

වික්ටෝරියා පොදු ප්‍රවාහන අමාත්‍ය ගේබ්‍රියල් විලියම්ස් අවධාරණය කළේ ලබන වසරේ සිට මෙම ක්‍රමවේදය ප්‍රාන්ත දුම්රිය සේවය තුළ ක්‍රියාත්මක කරන බවයි.

මීට පෙර Wangaratta අර්ධ නාගරික කලාපය කේන්ද්‍ර කරගෙන මෙම ව්‍යාපෘතිය සදහා අත්හදා බැලීම් කිහිපයක් ද සිදු කර තිබෙනවා.

අදාළ අත්හදා බැලීම් සාර්ථක වී තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

දශක කිහිපයක් තිස්සේ මෙල්බන් වැසියන්ට පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී සිය බැංකු කාඩ්පත් හරහා ගෙවීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

කෙසේ වෙතත් ඉදිරි වසරේ සිට මෙම තත්වය වෙනස් වීමට නියමිතයි.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »