
ඉදිරි ෆෙඩරල් මැතිවරණයට පෙර සංක්‍රමණිකයන් විශාල ප්‍රමාණයකට මෙරට පුරවැසිභාවය ලබාදීමේ තීන්දුව කිසිසේත් වෙනස් නොකරන බවට ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් අවධාරණය කරනවා.
මාධ්‍ය වාර්තා පළ වී ඇත්තේ 12,500 කට ආසන්න පිරිසකට මේ යටතේ පුරවැසිභාවය හිමි වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් මෙය ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී පාලක කම්කරු පක්ෂයට ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සැලසුම් කළ වැඩසටහනක් බවටයි චෝදනා එල්ල වන්නේ.

එහෙත් මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පවසා ඇත්තේ නියමිත ක්‍රියාදාමයට අනුව සිදුවන්නක් බවයි.
දැනටමත් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අයදුම් කළ විශාල පිරිසක් අයදුම්පත් යොමු කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

එබැවින් හැකි ඉක්මනින් මෙම අයදුම්පත් කෙරෙහි අවධානය යොමු කර ඔවුන්ට පුරවැසිභාවය ලබා දීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.
මේ අනුව ෆෙඩරල් මැතිවරණයට පෙර ඔස්ට්‍රේලියාවේ තෝරාගත් ප්‍රදේශ තුනකදී ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින්ම අදාළ පිරිසට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට අදාළ සහතික ලබාදීම සිදුවීමට නියමිතයි.