
සිඩ්නි සිට ක්‍රයිස්චර්ච් බලා පියාසර කරමින් සිටි එමිරේට්ස් ගුවන් යානයකට චීනයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් සීමාවෙන් වැළකී සිටින ලෙසයි චීනය එමිරේට්ස් ගුවන් සේවයට ප්‍රකාශ කර ඇත්තේ.
චීන නාවික හමුදාවෙන් සිදුකරන සජීවී ගිනි හමුදා අභ්‍යාස හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව ගුවන් ගමනාගමන පාලකයින්ගේ උපදෙස් අනුව ජාත්‍යන්තර ගුවන් යානා කිහිපයක මාර්ගයන් වෙනස් කිරීමට කටයුතු කළ බව ඔස්ට්‍රේලියා බලධාරීන් කියාසිටියා.
මෙම චීන යාත්‍රා සිඩ්නි සිට නාවික සැතපුම් 340 ක් ගිනිකොන දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ මෙම අභ්‍යයාස පුහුණු වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර චීනයේ අනතුරු ඇඟවීම් හේතුවෙන් ක්වන්ටාස් සහ එයාර් නිව්සීලන්ඩ් ඇතුළු ගුවන් සමාගම් කිහිපයක ගුවන් ගමන් හරවා යවා ඇති බවද වාර්තා වනවා.