
ඔස්ට්‍රේලියාව පුරා සූදු ක්‍රීඩා හේතුවෙන් ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වී යෑමේ තත්වයක් උද්ගත වී තිබෙනවා.
ඒ අනුව නිව් සවුත් වේල්ස් හි Liquor සහ Gaming දත්ත ඔස්සේ අනාවරණය වී ඇත්තේ එම ප්‍රාන්තය තුළ පමණක් පසුගිය වසරේදී Poker යන්ත්‍ර හේතුවෙන් ඩොලර් බිලියන 8.64 ක මුදලක් ප්‍රාන්ත වැසියන්ට අහිමි වී තිබෙන බවයි.
වාර්ෂිකව සියයට 6.3 කින් පමණ මෙලෙස අහිමි වන මුදල් ප්‍රමාණයේ ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙනවා.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා ආර්ථික සහ මානසික සෞඛ්‍ය ගැටළු රැසක් උද්ගත විය හැකි බවටයි විශේෂඥයින් මත පළ කරන්නේ.
කෙසේ වෙතත් සූදු ක්‍රීඩාවන් සදහා නව නීති රීති පැනවීමට බලධාරීන් මෑතකාලීනව පියවර ගෙන තිබෙනවා.

නමුත් එම නීති රීති ඒ සදහා ප්‍රමාණවත් නොවන බවයි විශේෂඥයින්ගේ අදහස වී ඇත්තේ.