
එක් දින සේවය යටතේ ඉල්ලුම්කරන විදේශ ගුවන් ගමන් බලපත්‍ර සඳහා පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා විවෘතව තබන බව එම ආයතනය පවසනවා.
දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියාසිටියා.
ඒ අනුව එක් දින සේවය යටතේ ඉල්ලුම් කරන Passport ලියාපදිංචිය සෑම සඳුදා දිනකම උදේ 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 තෙක් පමණක් භාරගන්නා බව එහි සඳහන් වනවා.

පසුගිය 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි විදේශ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම පැය 24 පුරා ම විවෘතව තැබීමට රජය තීරණය කළා.
අනුව දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට නියමිතයි.

Passport නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම මෙහි අරමුණ වනවා.
ඒ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට බත්තරමුල්ල දක්වා රාත්‍රි කාලයේ ලංගම බස් සේවාවක් ද ක්‍රියාත්මක වනු ඇති.