
මෙල්බනයේ උතුරු ෆිට්ස්රෝයි හි එඩින්බරෝ උද්‍යානයේ දේශගුණික විපර්යාස දැනුම්දෙන ඔරලෝසුවක් නිර්මාණය කර තිබෙනවා.
යැන්ඩෙල් වෝල්ටන් විසින් නිර්මාණය කරන ලෙද මෙම ඔරලෝසුව “Zone Red” ලෙසයි හඳුන්වා ඇත්තේ.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ඔරලෝසුව 2030 වර්ෂය දක්වා බලපැවැත්වෙනු ඇති.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය පැවසුවේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට නම් කාබන් විමෝචනය අඩු කළ යුතු බවයි.
එමෙන්ම උෂ්ණත්වය වැඩිවීම හුදෙක් සංඛ්‍යාවක් පමණක් නොව ඉන් දරුණු කාලගුණික සිදුවීම්වල ආරම්භය මෙන්ම ධ්‍රැව අයිස් ප්‍රමාණය අහිමි වීම, මුහුදු මට්ටම ඉහළයාම ඇතුළු පුළුල් පාරිසරික විනාශයක් සිදුවන බව එම වෙබ් අඩවියේ සඳහන්.

මෙවැනි කලා කෘති දේශගුණික විපර්යාසයේ භයානක පැතිකඩ පිළිබිඹු කරන බව Zone Red හි නිර්මාතෘ යැන්ඩෙල් වෝල්ටන් සඳහන් කළා.
Zone Red නිර්මාණය අප්‍රේල් මාසය දක්වා උද්‍යායනවල පවතිනු ඇති බව ද ඔහු කියාසිටියා.