
ඔස්ට්‍රේලියන් සුපර් මූල්‍ය ආයතනයට ඩොලර් මිලියන 27 දඩයක් නියම කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සුපර් මූල්‍ය ආයතනය යනු ඔස්ට්‍රේලියාවේ විශාලතම විශ්‍රාම වැටුප් ඉතුරුම් අරමුදල වන අතර ලෝකයේ 16 වන විශාලතම විශ්‍රාම වැටුප් ඉතුරුම් අරමුදල වනවා.
පාරිභෝගිකයින් දස දහස් ගණනකට අනුපිටපත් ගාස්තු අය කිරීම ඔවුන්ට එරෙහි චෝදනාව යි.

ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිෂන් සභාව 2023 වසරේදී ඔස්ට්‍රේලියා සුපර් සමාගමට එරෙහිව නඩු පවරනු ලැබුවා.
ඒ විශ්‍රාමිකයන්ගේ ගිණුම් 48,000 කගේ ඉතුරුම්වලින් අනුපිටපත් ගාස්තු අය කිරීම සම්බන්ධයෙන්.

ඒ අනුව මෙල්බන් ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්‍රේලියානු සුපර් සමාගමට ඩොලර් 27 ක දඩයක් සහ ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිෂන් සභාවේ නීතිමය පිරිවැය වන ඩොලර් ලක්ෂ 5 ක් ගෙවීමට නියෝග කර තිබෙනවා.
නඩු විභාගයෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු සුපර් සමාගමේ ප්‍රධාන විධායකවරයා පැවසුවේ මෙම සිදුවීම වැළැක්වීමට වහා පියවර ගත් බවයි.