Search

AI තාක්ෂණය මෙල්බන් පාසලක් කළඹයි

මෙල්බන් උසස් පාසලක සිසුවියන්ගේ අසභ්‍ය පින්තූර මාලාවක් අන්තර්ජාලට මුදාහැර තිබෙනවා.

ග්ලැඩ්ස්ටෝන් පාර්ක් උසස් පාසලේ සිසුවියන්ගේ ඡායාරූප බොහොමයක් AI තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි පොලීසිය පවසන්නේ.

විදුහල්පති වෙරෝනිකා හෝයි කියාසිටියේ ජ්‍යෙෂ්ඨ සිසුන් සමාජ මාධ්‍ය කණ්ඩායම් ඔස්සේ මෙම පින්තූර හුවමාරු කර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දරුවන්ගේ දෙමාපියන් මෙන්ම භාරකරුවන් ද දැනුවත් කළ බවද ඇය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල සිසුන්ට සුදුසු විනය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවද ඇය වැඩිදුරටත් කියාසිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »