Search

ඇප දැඩි කිරීමට වික්ටෝරියාවෙන් පියවර

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇප නීති දැඩි කිරීමට පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.

හිටපු පොලිස් ප්‍රධාන කොමසාරිස් ෂේන් පැටන් විශ්වාසභංගයෙන් පසු තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එහි වැඩබලන පොලිස් කොමසාරිස්වරයා ලෙස රික් නුජන්ට් හදිසියේ පත්කරනු ලැබුවා.

නව ප්‍රධාන කොමසාරිස්වරයා ප්‍රථම වරට මාධ්‍ය අමතමින් පවසා සිටියේ ඇප ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ වනවිටත් රජය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

වික්ටෝරියා හි අඛන්ඩව පවතින අපරාධ රැල්ල සම්බන්ධයෙන් ඇප නීති ශක්තිමත් කළ යුතු බවට එහි ආරක්ෂක අමාත්‍යවරයාද සහතික කළ බව පොලිස් කොමසාරිස්වරයා සඳහන් කළා.

දිනෙන් දින ඉහළ යන බාලවයස්කාර අපරාධකරුවන්ගේ හැසිරීම් මැඩලීමට නම් ඔවුන් සිරගත කිරීම වැනි දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹිය යුතු බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මේ අතර වික්ටෝරියා ආරක්ෂක අංශයේ රැකියා පුරප්පාඩු දහස් ගණනක් පවතින බවත් ඒ සඳහා අයදුම් කරන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

මාධ්‍ය අමතමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ හිටපු පොලිස් ප්‍රධාන කොමසාරිස් ෂේන් පැටන්ට සිය 45 වන සේවා කාලය වෙනුවෙන් කෘතඥතාවය පළකරන බවයි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »