Search

ක්‍රිකට් පිත්තකින් පහර කෑ ඉන්දියාවේ දේශපාලනඥයා

ඉන්දියාවේ දේශපාලනඥයෙකුට පුද්ගලයෙක් ක්‍රිකට් පිත්තකින් පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යපුරා වාර්තා වී තිබෙනවා.

එරට කොන්ග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රී රකිබුල් හුසේන්ට මුහුණු ආවරණ සහිත පුද්ගලයන් පිරිසකුයි මෙලෙස පහර දී ඇත්තේ.

ඊයේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේ පක්ෂ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර තිබෙනවා.

ක්‍රිකට් පිත්තෙන් පහරදීමෙන් පසු එම පිරිස මන්ත්‍රීවරයා පසුපස හඹා ගොස් ආරක්ෂක නිලධාරියෙකුගේ ආයුධය උදුරා ගැනීමට උත්සාහ කරන ආකාරය ද මෙම වීඩියෝ දර්ශනවල ඇතුලත්.

ඉන්දියාවේ ආරක්ෂක අංශ පැවසුවේ කිහිපදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »