Search

වික්ටෝරියාවේ Voluntary Assisted Dying නීති වෙනස් කිරීමට පියවර

වික්ටෝරියා ප්‍රාන්තය තුළ Voluntary Assisted Dying සම්බන්ධ නීති නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

Voluntary assisted dying යනු දරාගත නොහැකි වේදනාවකින් පෙළෙන රෝගීන්ට ඒ සදහා වෙනත් කිසිදු වෛද්‍ය ප්‍රතිකර්මයක් නොමැති අවස්ථාවකදී වෛද්‍ය අනුමැතිය මත තම මරණය ස්වේච්ඡාවෙන්ම සිදුකර ගැනීම සදහා ලබාදෙන විශේෂ අවසරයක් බවයි පැවසෙන්නේ.

මෙම ක්‍රමවේදය දැනටමත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකම ක්‍රියාත්මක වනවා.

ඒ සඳහා සුදුසුකම් ලැබීම සදහා දැඩි නිර්ණායක පවතින අතර ඊට අදාළ නීති රීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනස් වන බවයි දැක්වෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ගෙන ඇති මෙම ආන්දෝලානාත්මක නීති ප්‍රතිසංස්කරණ මත පදනම්ව වෛද්‍යවරුන්ට රෝගීන් සමග සිය ස්වෙච්ඡා මරණය පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කළ හැකිවනු ඇති.

රෝගියාගේ ස්වාධීන අයිතිය සහ සෞඛ්‍ය සේවාවේ විවෘත භාවය අතර පවතින සබදතාවය මෙමගින් මනා ලෙස පිළිබිඹු වනු ඇති බවයි වික්ටෝරියා බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »