Search

ඔස්ට්‍රේලියා දරුවන්ට පැනවූ Social Media තහනම අසාර්ථකයි

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා භාවිතය තහනම් කිරීමට පියවර ගනු ලැබුවද තවමත් එම දරුවන්ගෙන් බහුතරයක් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන බවට හදුනාගෙන තිබෙනවා.

eSafety කොමිසම විසින් නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව ඔස්සේ මේ පිළිබඳව කරුණු රැසක් අනාවරණය වී තිබෙන බවයි දැක්වෙන්නේ.

අදාළ සමීක්ෂණයට දායක වූ වයස අවුරුදු 8 සිට 12 දක්වා ළමුන්ගෙන් සියයට 80 ක් පමණ සහ වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් කාණ්ඩවල පසුවන දරුවන්ගෙන් සියයට 95 ක් පමණ පසුගිය වසර තුළ Facebook, Instagram, Reddit, Snapchat, Tiktok, YouTube සහ Discord වැනි සමාජ මාධ්‍ය ජාලා අතුරින් එකක් හෝ කිහිපයක් භාවිතා කර තිබෙන බවයි මෙහිදී හදුනාගෙන ඇත්තේ.

එම දරුවන්ගෙන් සියයට 54 ක් පමණ තම දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ ගිණුම් හරහා සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වී තිබෙනවා.

ඉන් සියයට 36 කට කුමන හෝ සමාජ මාධ්‍ය ජාලාවක එක් ගිණුමක් හෝ පවතින බව ද සදහන්.

ෆෙඩරල් රජයේ මෙම තහනම සදහා පවතින නීති ප්‍රමාණවත් නොවන බවයි eSafety කොමිසම විසින් පෙන්වා දී ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »