
Centrelink සහ Services Australia දීමනා නැවත සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජීවන වියදම් ඉහළ යාම හා සමගාමීව වසරකට දෙවතාවක් අදාළ දීමනාවන් නැවත සකස් වීම සිදු වන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව ලබන මාර්තු 20 වනදා සිට ඔස්ට්‍රේලියානුවන් මිලියන 05 කගේ පමණ දීමනාවන් ඉහළ යනු ඇති.

මේ යටතේ Jobseeker, වැඩිහිටි විශ්‍රාම වැටුප්, ආබාධිත දීමනා, Carer Payments සහ Rent Assistance ඇතුලු ගෙවීම් රැසක් ඉහළ දැමීමට නියමිතයි.
කෙසේ වෙතත් අදාළ දීමනාවන් සදහා වැඩි කරන මුදල් ප්‍රමාණය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.

මේ අතර Youth Allowance, Austudy, ABSTUDY සහ Carer Allowance යන දීමනා වසරකට එක් වරක් පමණක් නැවත සකස් කරන නිසා ලබන මාර්තු මාසයේ දී ඒවායේ නැවත සකස් වීමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.
එදිනට නැවත සකස් කරන දීමනා සදහා වැඩි කරන මුදල් ප්‍රමාණය සම්බන්ධ තොරතුරු ලබන මාර්තු මස මුලදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.