Search

පිරිසිදු ජලය නාස්තිය අවම කරන්න වික්ටෝරියාවෙන් අලුත්ම වැඩක්

ප්‍රතිචක්‍රිකරණය කරන ලද ජලය කෘෂිකාර්මික කටයුතු සදහා භාවිතා කිරීම සම්බන්ධ නවතම ව්‍යාපෘතියක් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වනවා.

මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ Horsham SmartFarm හි පර්යේෂකයන් කණ්ඩායමක් විසිනුයි.

ඩොලර් මිලියන 11.8 ක වියදමින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ Horsham SmartWater ඒකාබද්ධ ජල කලමනාකරණ ව්‍යාපෘතිය ලෙසයි.

මේ හරහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය වික්ටෝරියා ප්‍රාන්තය තුළ පවතින බෝග වගාවන් කෙරෙහි ඵලදායි අයුරින් යොදාගැනීම වෙනුවෙන් අත්හදා බැලීම් රැසක් සිදු වනවා.

මෙහිදී ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය SmartFarm අවට හෙක්ටයාර් 50 ක භුමි ප්‍රදේශයක් තුළ සිදු කර ඇති වගාවන් සදහා යොදා ගැනීම සිදුවන බවයි පැවසෙන්නේ.

ඊට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් විශේෂිත නල මාර්ග පද්ධතියක් හරහා Horsham නගරය අවට පිහිටි උද්‍යාන, සුසාන භූමි තුරඟ තරග පිටි ඇතුලු ස්ථාන රැසකට වසරකට ජලය මෙගා ලීටර් 126 ක් පමණ ලබා දීම සිදු වනවා.

ඒ ඔස්සේ පිරිසිදු පානීය ජලය නාස්තිය වෙනත් ක්‍රියාකාරකම් සදහා භාවිතා කිරීම අවම වන බව ද සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »