
වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් දෙපාර්තුමේන්තුව තුළ ඉදිරියේදී ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන බව වැඩබලන ප්‍රධාන පොලිස් කොමසාරිස් Rick Nugent ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මේ පිළිබඳව අදහස් දක්වා ඇත්තේ නව ධූරයට පත්වීමෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුව අතරතුරදීයි.
විශේෂයෙන් එහිදී ඇප නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කරන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

වැඩබලන පොලිස් ප්‍රධානියාගේ අදහස වී ඇත්තේ ප්‍රාන්තය තුළ ඇප නීති ශක්තිමත් කළ යුතු බවයි.
ප්‍රාන්ත පොලිස් දෙපාර්තුමේන්තුව තුළ පවතින රැකියා පුරප්පාඩු පියවීම සදහා ද ඉදිරියේ දී සැලසුම් සකස් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඉකුත් දා ඉල්ලා අස්වූ හිටපු ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ෂේන් පැට්න් හමුවී ඔහු පොලිස් දෙපාර්තුමේන්තුව වෙනුවෙන් සිදු කළ සේවාවට ස්තූතිය පළ කර බවයි වැඩබලන ප්‍රධානී Rick Nugent වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.