
ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකට ඩොලර් 10,000 ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (20) පියවර ගෙන තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ ඉකුත් පෙබරවාරි 02 වනදා පැවති දේශීය තරගයක් අතරතුර ඉන් ඉවත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති ලීග් තරගයක් සදහා ක්‍රීඩා කිරීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ Major League දේශීය ක්‍රිකට් තරගාවලිය සදහා දසුන් ශානක SSC ක්‍රීඩා සමාජය නියෝජනය කළා.

එහිදී Moors ක්‍රීඩා සමාජය පැවති තරගයේ පළමු දින දෙක අවසන් වීමෙන් පසුව දසුන් එම තරගයෙන් ඉවත් වී තිබෙනවා.
එම තරගයේදී පිතිකරණයේ යෙදී සිටියදී ඇතිවූ තුවලයක් හේතුවෙන් ඔහුට දින 03 ක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය නිර්දේශ ලැබී තිබුණා.

කෙසේ වෙතත් ඔහු එදිනම සවස ILT 20 ක්‍රිකට් තරගාලිය සදහා ක්‍රීඩා කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් තිබෙන අතර එහිදී ඔහු ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කර තිබෙන බවටයි අනාවරණය වී ඇත්තේ.
ගිවිසුම් කොන්දේසි කඩ කිරීම මත පදනම්ව දසුන් ශානකට මෙම දඩය පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර අතර පෙබරවාරි 28 වනදාට පෙර සම්පූර්ණ මුදල ගෙවන ලෙසට ද ඔහුට උපදෙස් ලබා දී තිබෙනවා.