Search

දුර්ලභ පිළිකාවක් ඔස්ට්‍රේලියාවේ වර්ධනය වෙයි

ඔස්ට්‍රේලියාවේ සාර්කෝමා පිළිකා රෝගයෙන් පෙළෙන්නන් වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කර තිබෙනවා.

 රෝගයට අදාල නව පිළිකා නාශක ප්‍රතිකාර සඳහා රෝගීන් පෙළඹවීම මෙහි අරමුණ වනු ඇති.

 සාර්කෝමා දුර්ලභ පිළිකාවක් ලෙස සැලකුව ද පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුළ නව රෝගීන් 2650 ක් වාර්තා වී තිබීම විශේෂත්යක්.

වසර 5 ක් තුළ ඔස්ට්‍රේලියාවේ සාර්කෝමා හඳුනාගත් රෝගීන්ගේ අනුපාතය සියයට 65 ක් වන අතර ඉන් සියයට 35 කගේ ම ජීවිත අහිමි වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මිනිස් සිරුරේ අස්ථි සහ මාංශ පේශි, මේදය සහ කාටිලේජ වැනි මෘදු පටක වල මෙම සාර්කෝමා පිළිකා තත්වය හට ගන්නා බවද සෞඛ්‍ය අංශ කියාසිටියා.

 රෝගයට අදාල එන්නත් නිසියාකාරයෙන් නිසිවේලාවට ගැනීමෙන් රෝගය මැඩපවත්වා ගත හැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

 මේ සඳහා ඔස්ට්‍රේලියා රජය මෙන්ම පෞද්ගලික වශයෙන් ඩොලර් මිලියන 185 ක අරමුදලක් වෙන් කර තිබනෙවා.