Search

Ne Zha 2 සිනමා පටය box office වාර්තා අලුත් කරයි

Animation චිත්‍රපට අතරින් බොක්ස් ඔෆිස් වාර්තා අතරේ ප්‍රමුඛයා වීමට “නේ ෂා 2” චිත්‍රපටය සමත්ව තිබෙනවා.

“නේ ෂා 2” චිත්‍රපටය චීනයේ 2025 වසරේ නිකුත් වූ සජීවිකරණ ත්‍රාසජනක චිත්‍රපටය ක්.

පසුගිය සති අන්තයේ එම චිත්‍රපටය ඩොලර් මිලියන 275.3 ක ආදායමක් උපයා ගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නේ ෂා 2 ඇනිමේෂන් චිත්‍රපටයේ මුළු ආදායම ඩොලර් බිලියන 1.64 ක් දක්වා ගෙන ඒම සිය අපේක්ෂාව බවයි ආර්ටිසන් ගේට්වේ සිනමා නිෂ්පාදන කර්මාන්තය කියාසිටියේ.

“නේ ෂා 2”, චීනයේ (Imax) අයිමැක්ස් සිනමාහල්වල සති අන්තයේ මුළු ආදායම් එකතුවට ඩොලර් මිලියන 22 ක දායකත්වයක් ලබා දුන් අතර එය පසුගිය සති අන්තයට සාපේක්ෂව සියයට 21 ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ.

නමුත් “නේ ෂා 2” චිත්‍රපටය ලොව පුරා වෙළඳපල 75 ක් 80 ක රඟදැක්වූ “ඇවෙන්ජර්ස්, ඉන්ෆිනිටි වෝර්, අවතාර් සහ ද වේ ඔෆ් වෝටර්” යන සිනමාපට වලට පසුපසින්  තවමත් සිටින බවයි වාර්තාවලින් දැක්වෙන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »