Search

රැකියා කප්පාදුවකට වික්ටෝරියාවේ අවධානය

වික්ටෝරියා රජය රැකියා කප්පාදුවකට සූදානම් වනවා.

රාජ්‍ය අංශ සමාලෝචනය කිරීමට නියෝග කිරීමත් සමග රැකියා දහස් ගණනක් කප්පාදු වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

වික්ටෝරියානු අගමැතිනි ජසින්ටා ඇලන්, භාණ්ඩාගාරික ජැක්ලින් සයිම්ස් සමග අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

සමාලෝචනය මෙහෙයවීම සඳහා හෙලන් සිල්වර් පත්කරන අතර ජූනි 30 වනදා දින ඊට අදාල වාර්තාවක් ඉදිරිපත් කරන බව එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රම බලකායෙන් සියයට හයකට පමණ රැකියා අහිමි වන බවයි අග්‍රාමාත්‍යවරිය කියාසිටියේ.

ජසින්ටා ඇලන් සඳහන්කළේ රජය ගුරුවරුන්, හෙදියන්, පොලීසිය, අපරාධ සහ ළමා ආරක්ෂාව යන ඉදිරිපෙළ සේවාවන්හි සහාය සඳහා අඛණ්ඩව ආයෝජනය ඉදිරිපත් කරන බවයි.

මෙම රාජ්‍ය සමාලෝචනය වික්ටෝරියානු රජයේ අයවැයේ වියදම් පිළිබඳ අවධානය යොමුකරමින් ගත් තීරණයක් බවද ඇය කියාසිටියා.

මෙමගින් අකාර්යක්ෂමතාව ශූන්‍ය වන අතර රැකියා 3000 ක් දක්වා කප්පාදු කරන බවයි ඇය තහවුරු කළේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »