Search

ගැබ් ගැනීමෙන් පසු කාන්තාවන් නොකරන දෙයක් ගැන අනාවරණයක්

බොහෝ කාන්තාවන් ගැබ් ගැනීමෙන් පසු හෘද රෝග පරීක්ෂා සිදුනොකරන බවට නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ගර්භණී සමයේදී අධිරුධිර පීඩනය හෝ දියවැඩියාව අත්විඳීමෙන් පසු කාන්තාවන් පස් දෙනෙකුගේ එක් අයෙකුට හෘද රෝග අවදානම් පවතින බවයි ඔවුන් පවසන්නේ.

හෘද රෝග යනු කාන්තාවන්ගේ මරණවලට බලපාන ප්‍රධාන හේතුවක් වනවා.

ගර්භනී කාන්තාවන් මිලියනයකට වැඩි ගණනක දත්ත විශ්ලේෂණයෙන් හෙළිවුයේ දරු ප්‍රසූතියෙන් පසු වසර තුනක් ඇතුළත කාන්තාවන් දියවැඩියාව සහ අධික කොලොස්ටරෝල් සඳහා පරීක්ෂණ නිසියාකාරව අඛන්ඩව සිදුකර නොමැති බවයි.

මෙම තත්වයට පිළියම් ලෙස ගැබ් ගැනීමෙන් පසු පරීක්ෂණ සඳහා කාන්තාවන් පෙළඹවීමට අදාල උපදෙස් වෛද්‍යවරුන් විසින් ලබාදීම සිදුකළ හැකියි.

එමෙන්ම ගර්භණී සංකූලතා සහ අනාගත හෘද රෝග අවදානම් අතර සම්බන්ධය පිළිබඳ දැනුවත් කිරීමේ සෞඛ්‍ය වැඩසටහන් පැවැත්වීම ද සිදුකළ හැකි බවයි පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.