Search

වික්ටෝරියා ඉදි කිරීම් ව්‍යාපෘති රැසක අක්‍රමිකතා ඇතැයි චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදි කිරීම් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වනුයේ විනිවිදභාවයෙන් තොරව බවට ප්‍රාන්ත විගණකාධිපති වාර්තාවකින් හෙළිකර තිබෙනවා.

පසුගිය වසර තුළදී පමණක් එවැනි ව්‍යාපෘතිවල විවිධ අමතර වියදම ඩොලර් බිලියන 11 ඉක්මවා ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

රෝහල් – රථගාල් – සාප්පු සංකීර්ණ මෙන්ම දුම්රිය මාර්ග ව්‍යාපෘති ද මේ අතර වනවා.

ව්‍යාපෘතිවල අභ්‍යන්තර විශ්ලේෂණ බොහෝ විට උසස් තත්ත්වයේ සහ අර්ථාන්විත වූ නමුත් ඒවා මහජනතාවගෙන් වසන්කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත්තේ නොමඟ යවන සුළු සහ යල් පැන ගිය වාර්තාවක් ලෙසයි.

ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ගේබ්‍රියෙල් විලියම්ස් පැවසුවේ විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් ගැටළු කිහිපයක් පවතින බවයි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »