Search

NSW රෝහල්වල Gloves අඩු කිරීමට අවධානය

NSW හි රෝහල්වල අත්වැසුම් භාවිතය අඩු කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ අත්වැසුම් පරිසරයට මුදාහැරීමෙන් සිදුවන පාරිසරික හානි වැළැක්වීමේ අරමුණින්.

රෝහල් තුළ අත් වැසුම් භාවිතය සියයට 50 කින් පමණ අඩුකළ හැකි බැවින් සෞඛ්‍ය අංශ යළි දෑත්වල සනීපාරක්ෂාව පිළිබඳ අවධානය ‍යොමුකළ යුතු බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

සනීපාරක්ෂිත කටයුතු වැඩිදියුණු කිරීම සඳහා රෝහල් තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද ඔවුන් සැලසුම් කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්වැසුම් භාවිතය සිදුවුවත් මේ වනවිට යමෙකු පරීක්ෂා කිරීමට අත්වැසුම් අවශ්‍ය නොවන බවයි සෙෞඛ්‍ය බලධාරීන් පෙන්වාදෙන්නේ.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු හදිසි අනතුරු අංශයේ වසරකදී ඉවත ලන අත්වැසුම් ප්‍රමාණය මිලියන 1.3 ක් දක්වා එනම් 285,000 කින් පහත වැටී තිබෙනවා.

2030 වසර වනවිට නිව් සවුත්වේල්ස් හි මහජන සෞඛ්‍ය පහසුකම් වලින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සියයට 50 කින් අඩු කිරීම සිය ඉලක්කය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කළේ.