Search

බාල අපරාධවලට සම්බන්ධ තරුණයෙකුට වික්ටෝරියාවෙන් දඩුවම්

අන්තර්ජාලය ඔස්සේ සිදුකළ  බාල අපරාධ චෝදනාවකට සම්බන්ධ තරුණයෙකුට අද වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම 22 හැවිරිදි තරුණයා බාල වයස්කාර දැරියන්ට මුදල් ගෙවා ඔවුන්ගේ පැහැදිලි ඡායාරූප සහ වීඩියෝ ගෙන්වා ගෙන ඇති බවයි පොලීසිය කියාසිටියේ.

ස්නැප් චැට් භාවිත කරමින් ජේකබ් චාල්ස් කීල් නමැති මෙම පුද්ගලයා අවුරුදු 18 සිට මෙම ගණුදෙණුව සිදුකර ඇති බව සඳහන්.
ඒ අනුව වසර 2 ක් පුරා සිදුකර ඇති මෙම අපරාධයට වයස අවුරුදු 14 ත් 17 ත් අතර දැරියන් ‍10 දෙනෙකු සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා.

විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඔහු සතුව පින්තූර 116 සහ වීඩියෝ 103 ක් පවතින බවයි.

ඔහු සමහර අවස්ථාවලදී එම දරුවන් තවත් ඡායාරූප සහ වීඩියෝ එවීමට නොහැකි නම් ඔවුන්ගේ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවටද තර්ජනය කර තිබෙනවා.

අදාල චෝදනා සම්බන්ධයෙන් මාස 15 ක් සිරගත කිරීමට වික්ටෝරියා අධිකරණය අද තීන්දුව කළා .