Search

ඔස්ට්‍රේලියා නිවාස කුලී ඉහළ යන්නේ සංක්‍රමණිකයන් නිසා ?

විදේශීය සංක්‍රමණිකයන් හේතුවෙන් ඔස්ට්‍රේලියා කුලී නිවාස මිල විශාල වශයෙන් ඉහළ යන බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

පර්යේෂණ දත්තවලට අනුව මෙල්බන් නුවර නිවාස කුලිය 2024 ජනවාරියට සාපේක්ෂව දෙසැම්බරයේ දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

2023 සහ 2024 වසරවල සංක්‍රමණික මට්ටම ඉහළ යාම මීට හේතුව බවයි පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.

2025 වසරේ ජනවාරි මස මෙල්බන් නිවාස කුලී අනුපාතය වන්නේ සියයට 1.5 ක්.

එය පසුගිය වසරට සාපේක්ෂව පසුබෑමක් වන අතර විදෙස් සංක්‍රමණික ප්‍රමාණය අඩු කිරීමට රජය ගත් පියවර මීට හේතුවයි.

කුලී පුරප්පාඩුවල තියුණු අඩුවීමක් පෙන්නුම් කළද ඔස්ට්‍රේලියාවේ කුලී වෙළඳපොල අර්බුදය තවමත් අවසන් වී නොමැති බවයි පර්යේෂණයේ කළමනාකාර අධ්‍යක්ෂක ලුවී ක්‍රිස්ටෝපර් සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේ ජනගහනය නිවාස සැපයුමට වඩා වේගයෙන් වර්ධනයවීම පවතින තාක්කල් ඔස්ට්‍රේලියානු කුලී නිවැසියන් පීඩනයට ලක් වන බවයි ඔහු කියාසිටියේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »