Search

Breaking : අලුත්කඩේ වෙඩි තැබීමක් – ගණේමුල්ල සංජීව ජීවිතක්ෂයට

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමර රත්න නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබේ.

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »