Search

Passport කාර්යාලය දැන් පැය 24 ම විවෘතයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (18) රාත්‍රියේ සිට එය බලාත්මක බවයි.

ඒ අනුව දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කලා.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කොළඹ කොටුවේ සිට බත්තරමුල්ල දක්වා රාත්‍රි කාලයේ ලංගම බස් සේවාවක් ද අද සිට ක්‍රියාත්මක කරන බවයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »